බිත්තර ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත – අවශ්‍ය තරම් බිත්තර නිෂ්පාදනයක් පවතී

Share

දේශීය අවශ්‍යතාවය ඉක්ම වු බිත්තර නිෂ්පාදනයක් මෙරට වෙළදපොල තුළ පවතින බැවින් බිත්තර ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවෙහි අධ්‍යකෂ ජනරාල් නිහාල් වෙඩිසිංහ මහතා ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතාට දන්වා ඇත.

බිත්තර ආනයනයෙහි කිසිදු අවශ්‍යතාවයක් නොමැති හෙයින් අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව ඒ පිළිබදව ශ්‍රී ලංකා වරාය හා රේගුව දැනුවත් කිරීමට මේ වන විට කටයුතු කර ඇති බව අධ්‍යක්ෂකවරයා පැවසීය.

ඉදිරි උත්සව කාලයට අවශ්‍ය තරම් බිත්තර නිෂ්පාදනයක් පවතින බැවින් කිසිදු ආයතනයකට බිත්තර ආනයනය කිරීමට අනුමැතියක් ලබා නොදෙන ලෙස තමා වෙත අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බව අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

Read more

Local News