ජනපති සහ ජපාන අගමැති අතර නිල හමුවක්

Share

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුව ඊයේ (14) පස්වරුවේ පැවැත්විණි.
ටෝකියෝ නුවර පිහිටි ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ඊයේ පස්වරුවේ ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව අගමැති ෂින්සෝ අබේ මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
නිල පිළිගැනීමේ උත්සවය අවසානයේ නායක දෙපළ සුහද කතා බහකට එක්වූ අතර ඉන් අනතුරුව රාජ්‍ය නායක දෙපළ අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ඇරඹිණි.

Read more

Local News