අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ මහතා මෙරට සංචාරයක

Share

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරාධනයකට අනුව, අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ (නියෝජිතායතනයේ) අධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ මහතා එක්දින සංචාරයක් සඳහා ඊයේ (14) දින ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනය, 1957 වසරේදී පිහිටුවන ලද අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව, අන්තර් රාජ්‍ය කටයුතු සිදු කරන, විද්‍යා හා තාක්ෂණයේ උන්නතිය උදෙසා කැපවූ ස්වාධීන ආයතනයකි.

අද වන විට, අන්තර්ජාතික පරමාණුක බල ශක්ති නියෝජිතායතනයේ තාක්ෂණ ආධාර ඔස්සේ, ශ්‍රී ලංකාව න්‍යෂ්ටික තාක්ෂණයේ සාමකාමී භාවිත ඔස්සේ යමින් ප්‍රශස්ත මට්ටමේ ජයග්‍රහණ සපුරාගෙන ඇත.

යුකියා අමානෝ මැතිතුමා ශ්‍රි ලංකාවේ සංචාරය කරන කාලය අතරතුර ශ්‍රි ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට අනුබද්ධ ආයතන වන ශ්‍රි ලංකා ගැමා මධ්‍යස්ථානය හා නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ සංචාරය
කිරිමටද නියමිතය.

අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ අධ්‍යක්ෂ ජනරාල් තැන්පත් යුකියා අමානෝ මහතා ශ්‍රි ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේද සංචාරය කිරිමට නියමිතය.

 

Read more

Local News