දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණ සඳහා මිල නියාමනයක්

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසුවේ දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණ විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බැවින්, එම උපකරණවල මිල නියාමනය කිරීමට පියවර ගන්නා බවයි.

දියවැඩියා රෝගීන්ගේ රුධිර ගත සීනි ප්‍රමාණය පරික්ෂා කරන Glucose Stripes සහ Glucose masin වල මිල මෙහිදී නියාමනය කිරීමට නියමිතය. 
Glucose Stripes 25 ක පැකට්ටුවක් රුපියල් 1500.00 සිට අධික මිල ගණන් වලට වෙළෙදපොලේ අලෙවි වන අතර, Glucose masin රුපියල් 2500 සිට විවිධ මිල ගණන් යටතේ අලෙවි කරයි.
පෞද්ගලික රෝහල්වල අය කරන මිල ගණන් වර්ග 53 ක මිල නියාමනය කිරීමෙන් පසු පිළිකා රෝගීන් භාවිත කරන ඖෂධවල මිල ගණන් අඩු කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි. 

Read more

Local News