ධිවර අමාත්‍යාංශයේ විද්වත් බුද්ධි මණ්ඩලයේ මහෙයුම් කමිටුව ප්‍රථම විද්වත් හමුව පවත්වයි

Share

ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කළ විද්වත් බුද්ධි මණ්ඩලයේ මහෙයුම් කමිටුව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමුවී සිය ප්‍රථම විද්වත් හමුව පැවැත්වීය.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් ධිවර කර්මාන්තයට හදුන්වා දුන් “ නිල් ආර්ථික ” වැඩපිළිවෙල යටතේ නවෝත්පාදන ක්ෂේත්‍ර ඔස්සේ ධිවර කර්මාන්තය මෙහෙයවමින් නව රැකියා අවස්ථා විවර කරමින් හා නව ආදායම් මාර්ග විවර කරගනිමින් රටට ආදායම් උපයන ප්‍රධාන කර්මාන්තය බවට ධිවර කර්මාන්තය පත්කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම බුද්ධි මණ්ඩල පිහිටුවීම සිදු විය.

මෙම බුද්ධි මණ්ඩලය මගින් ධිවර ක්ෂේත්‍රයට අදාලව තීරණ ගැනීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා දායක වනු ඇත. මෙම බුද්ධි මණ්ඩලය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවිය. පුළුල් දැනුම් සම්භාරයක් සහිත ක්ෂේත්‍රයක් පිළිබඳ හසල දැනුමක් ඇති ප්‍රවිනයින්ගෙන් සමන්විත මෙම බුද්ධි මණ්ඩලය මගින් ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් ද දායක කරගනිමින් තීරණ ගැනීමේදී ප්‍රජාව මුලික කරගත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ධිවර ක්ෂේත්‍රයේ තිරසාර පැවැත්ම තහවුරු කිරීම සඳහා නව මුහුණුවරක් ලබා දෙනු ඇත. එය “ නිල් ආර්ථික ” වැඩපිළිවෙල හා අනුගත වනු ඇත. ඊට අමතරව ධිවර ක්ෂේත්‍රයට අදාළ විදේශ ආයෝජන ලබාගැනීමටද මෙම විද්වත් බුද්ධි මණ්ඩලයේ දායකත්වය ලැබෙනු ඇත. නව තාක්ෂණික ක්‍රමෝපායන් සහ හිතකර ප්‍රතිපත්ති ධිවර ක්ෂේත්‍රයේ නිරත පිරිස් අතර සන්නිවේදනය කිරීම මෙම බුද්ධි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරීම පහසු වනු ඇති අතර ඒ සදහා නිසි වැඩපිළිවෙලක් සැකසීමද ඔවුන් විසින් ඉටු කරනු ඇත .

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ධිවර කර්මාන්තය හුදෙකලා නොකොට ධිවර හා සංචාරක යන ක්ෂේත්‍ර එක් මාවත ගමන් කරමින් රටට නව රැකියා බිහිකර ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රවේශයක් සදහා යොමු විය යුතු බවය. එමගින් ධීවරයා ව්‍යාපාරිකයෙකු කිරීම ඉතාම පහසු වනු ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යතුමා මෙය අනාගත ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ගමන් මගේ හැරවුම් ලක්‍ෂය බවට පත් වනු ඇති බව තම විශ්වාසය යැයි ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසිය.

Read more

Local News