විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක ඉල්ලීම් ගැන කතා කරන්න වැඩට එන්න – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

Share

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන වැඩවර්ජනය නිමා කර සේවයට පැමිණෙන ලෙසත් අනතුරුව එම සේවක ඉල්ලීම් ගැන සාකච්ඡාවට සූදානම් බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා වර්ජකයන්ට දැණුම් දී ඇත.

විශ්වවිද්‍යාලීය ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතාට සභාපතිවරයා මේ බව ලිඛිතව දන්වා යවා ඇත.

මෙම වර්ජනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ අමාත්‍යංශ නිලධාරීන් අතුළු පරිපාලන කණ්ඩායම් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යංශයේදී පැවත් වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට ගෙන අැත.

Read more

Local News