24 වන සේනාංකයේ භට පිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පෙරියනිල්වානි නිවාස සංකීර්ණය ප්‍රතිසංස්කරණය කරයි

Share

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 3 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් අම්පාර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව, අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශයේ මාර්තු මස 01 වන දින ඇතිවූ සුළි සුළං තත්ත්වයෙන් හානියටපත් පෙරියනිල්වානි නිවාස සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිය සහයෝගය ලබාදෙනු ලැබීය.

මෙම නිවාස සංකීර්ණය වර්ෂ 2004 දී ඇතිවූ සුනිමි ව්‍යසනයෙන් පසු රජය විසින් ඉදිකරන ලදී. පසුගියදා ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට ඉහළින් ඇති වූ සුළි සුළං තත්ත්වය හේතුවෙන් පවුල් 432 ක් අවතැන්වී ඇති අතර නිවාස 54ක වහාලය කැඩි තවත් නිවාස 75ක් මුළුමනින්ම විනාශයට පත්ව ඇත.

Read more

Local News