ඇල්පිටියේ නාකන්ද පැරණි පාලම වෙනුවට නව පාලමක් සඳහා මුල්ගල තැබේ

Share

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටියේ නාකන්ද පැරණි පාලම වෙනුවට නව පාලමක් සඳහා මුල්ගල තැබිම සිදු කෙරිණි.

බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයේ ගණේගොඩ ප‍්‍රදේශයේ ජනතාවත් රජමහා විහාර මාර්ගයේ් ජනතාවත් වසර ගණනාවක් පුරා එහාමෙහා ගිය නාකන්ද පාලම අද වන විට ඉතාමත් අබලන් තත්ත්වයක පවතී.

ඉතා අවදානම් තත්වයේ ඇති නාකන්ද අබලන් පාලම පිළිසකර කර දෙන ලෙස එම ප‍්‍රදේශ වල ජනතාව කළ ඉල්ලීමට අනුව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මැදිහත් වෙමින්, පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතාගේ ද සහයෝගයෙන් ඇල්පිටියේ නාකන්ද පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදිකර දීම සදහා රුපියල් ලක්ෂ 392 ක මුදලක් වෙන්කර තිබේ.

Read more

Local News