හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නව තෙමහල් ගොඩනැඟිල්ලක්

Share

හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ඉදිකෙරෙන නව තෙමහල් ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීම, ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ ඇම්.පී.ජයසිංහ, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මෙම නව ගොඩනැඟිල්ල සඳහා රුපියල් ලක්ෂ 1200 කට ආසන්න මුදලක් වැයකිරීමට නියමිතය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර්, ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍ය උපාලි සමරවීර, ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ර.මු.රත්නායක, ඌව පළාත් සභා මන්ත්‍රී සුනිල් ජයන්ත කන්නන්ගර යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් විශාල පිරිසක්ද එක්ව සිටි අතර හාලිඇල ප්‍රාදේශීය ලේකම් එන්.සී.හෙන්නායක මහත්මියගේ මූලිකත්වයෙන් එම කාර්යාලයීය කාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කොට තිබිණි.

Read more

Local News