Tuesday, March 19, 2024.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රජා ආයුර්වේද වෛද්‍යවරුන්ට පරිගණක යන්ත්‍ර සහ ප්‍රක්ෂේපන යන්ත්‍ර පිරිනැමේ

Share

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රජා ආයුර්වේද වෛද්‍යවරුන්ට පරිගණක යන්ත්‍ර සහ ප්‍රක්ෂේපන යන්ත්‍ර පිරිනැමීමේ උත්සවයක් අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සදහා නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීමේ අරමුණින් ප්‍රජා ආයුර්වේද වෛද්‍යවරුන්ට පරිගණක ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත.

ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහි වැඩකටයුතු මේ වන විට ක්‍රියාත්මක වන අතර ආයුර්වේද ඖෂධ සංග්‍රහය යාවත්කාලීන කිරීමට ද පියවර ගෙන තිබෙන බවත් නවීන ලෝකයට උචිත අයුරින් ආයුර්වේද ක්ෂේත්‍රය නිර්මාණය කළ යුතු අතර තාක්ෂණය හෝ නවීන විද්‍යාව කටුකම්බි ගසා නතර කිරීමට නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

Read more

Local News