ගාල්ල දොඩන්දුව ආසන්න මුහුදේ විශාල ටොනාඩෝවක්

Share

ගාල්ල දොඩන්දුව ආසන්න මුහුදේ ඊයේ (19) සවස 5.45 ට පමණ විශාල ටොනාඩෝවක් ඇතිවිය.

මෙම ටොනාඩෝව විනාඩි 15ක් පමණ පැවැති බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම ටොනාඩෝව සමඟ විශාල ජල කඳක් ඉහළට යන ආකාරය ඔවුන් සිය ජංගම දුරකතනවලින් වීඩියෝ ගත කරගෙන තිබුණි.

මෙම අවස්ථාවේදී මද සුළං තත්වයක්ද ප්‍රදේශය පුරා පැවති අැත.

Read more

Local News