විදේශ රැකියා අවසන් වී මෙරටට පැමිණ ස්වයං රැකියාවල නියුතු වන ශ‍්‍රමිකයින්ට ස්වයං රැකියා ආධාර

Share

විදේශ රැකියා කර අවසන් වී මෙරටට පැමිණ ස්වයං රැකියාවල නියුතු වන ශ‍්‍රමිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ස්වයං රැකියා ආධාර ලබාදීමේ වැඩසටහනක් ගාල්ල හා මාතර යන දිස්ති‍්‍රක්කයන්හි දී පැවැත්විය.

ගාල්ල දිස්ති‍්‍රක් වැඩසටහන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගාල්ල දිස්ති‍්‍රක් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී ගාල්ල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රතිලාභින් 10 දෙනෙකු සඳහා රුපියල් 187,292. 00ක් වටිනා ස්වයං රැකියා ආධාර ලබාදෙන ලදී.

කාර්යාංශය මගින් මාතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රතිලාභීන් 33 දෙනෙකු සඳහා රු. 711,599.87 ක ස්වයං රැකියා ආධාර ලබාදුන් අතර මාතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී එම වැඩසටහන පැවැත්විය. මෙම වැඩසටහන මඟින් අලූතින් ආරම්භ කර පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා රු. 25000ක උපරිමයකට යටත්ව ස්වයං රැකියා ආධාර ලබාදෙයි.

මෙවැනි වැඩසටහන් මඟින් කාර්යාංශය අපේක්ෂා කරනුයේ විදේශ රැකියා කර මෙරටට පැමිණි ශ‍්‍රමිකයින් ආර්ථික වශයෙන් ශක්තිමත් කර සමාජගත කිරීමට කටයුතු කිරීමයි.

Read more

Local News