මොරගහකන්ද ගුරුවෙළ මහවැලි ගොවිපොළෙන් පසුගිය වසරේ දී රුපියල් එක්කෝටි 60 ලක්ෂයක ආදායමක්

Share

මොරගහකන්ද ගුරුවෙළ ගොවිපොළ පසුගිය වසරේ දී එම ගොවිපොළේ වගා කෙරෙන පලතුරු අලෙවි කිරීමෙන් රුපියල් එක්කෝටි 60 ලක්ෂයක මුදලක් උපයාගෙන තිබේ.

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම ගොවිපොළේ ප්‍රගතිය පිළිබඳ පසුගියදා සොයා බැලීය.

මෙම ගොවිපොළේ විශේෂයෙන් වගා කෙරෙන අඹ අලෙවියෙන් 2017 වසරේ උපයා ඇති මුදල රුපියල් 50,00000කි.

දැනට සේවකයින් 100කට අධික පිරිසක් මෙහි සේවය කරන අතර මෙම භෝගවලට හානි කරන කෘමීන් විකර්ශනය සඳහා සාම්ප්‍රධායික තාක්ෂණය ඔස්සේ ලබා ගන්නා පණුවතුර එකට දහයේ අනුපාතයට ඉසින බවත් එමගින් සාර්ථකව පළිබෝධකයින් විකර්ශනය කෙරෙන බවත් එම නිලධාරිහු පැවසුහ.

Read more

Local News