නීතිවිද්‍යාලයට නව නියෝජ්‍ය විදුහල්පති තනතුරක්

Share

අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ කොළඹ, පිහිටි නීතිවිද්‍යාලයට නව නියෝජ්‍ය විදුහල්පති තනතුරක් ඇති කිරීමට තීරණය කර ඇති බවයි.

මේ වනවිට නීති විද්‍යාලය විදුහල්පතිවරයකු යටතේ පාලනය කරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, දිනෙන් දින ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යෑමත් ඇතැම් පරිපාලන ගැටළු සැළකිල්ලට ගෙන පරිපාලන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට නියෝජ්‍ය විදුහල්පති තනතුරක් ඇති කිරීමට තීරණය කළ බව පැවසීය.

Read more

Local News