මිල සුත්‍රයක් මත දුම්වැටි බදු වැඩි කිරිමේ යෝජනාවක්

Share

දුම්වැටි සඳහා වන බදු වැඩි කිරිමේදී එය විශේෂිත මිල සුත්‍රයක් මත ක්‍රියාත්මක කිරීමට රජය වෙත යෝජනා ඉදිරිපත් කර ඇතැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ඊයේ (19) දුම්කොළ බදු හා මිල නියම කිරීමේ නියෝග පිළිබඳව දැනුවත් කිරීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, දුම්පානය අද ලංකාවට විශාල ප්‍රශ්නයක්. මොන තරම් නීතිරීති බදු පැනවීම් සිදු කළත්, දුම්කොළ සමාගම් බොහොම සුක්ෂම ආකාරයෙන් මේවා ප්‍රචලිත කරන්න උත්සහ දරමින් යනවා.

මෙවර බීඩිවලටත් අධික බදු පනවන ලෙසට අපි යෝජනා කර තිබෙනවා. මිල සුත්‍රයක් අනුව බදු වැඩි කිරීමේදී උද්ධමනය සහ ඒකපුද්ගල ආදායම කියන කරුණු පදනම් කරගෙන මේ බදු අධික ලෙස වැඩි කරනවා. මේ මිල සුත්‍රයේදී කිසිදු ආකාරයකින් මිල අඩු වීමක් වෙන්නේ නැති බවද පවසා සිටියේ ය.

Read more

Local News