බණ්ඩාරවෙල වෙළඳසලක තිබී ව්‍යාජ සිගරට් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

අද (20) හපුතලේ පොලිස් විශේෂකාර්ය බලකායේ නිළධාරීන් විසින් බණ්ඩාරවෙල නගරයේ ප‍්‍රධාන වීදියේ වෙළඳසලක තිබී විදේශයක නිෂ්පාදිත ව්‍යාජ සිගරට් හත්දහස් විස්සක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හපුතලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී වෙළඳසලේ අලෙවි කිරීමට තබා තිබූ මෙම ව්‍යාජ සිගරට් වෙළඳසලේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News