අධිකරණය අද ස්වාධීනයි – යහපාලනය ඇති කළේ අධිකරණයේ ස්වාධීනත්වය ඇති කිරීම අරමුණු කරගෙනයි

Share

භාර (සංශෝධන) පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග, නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ රීති සම්බන්ධයෙන් විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,

හොරු අල්ලන්න ඉල්ලීම තිබුණේ රටේ ජනතාවගෙන්. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාපිළිවෙල සිදුවෙමින් යනවා. හිතෙන, හිතෙන අය අල්ලලා හිරේ දාන්න බෑ. අධිකරණය අද ස්වාධීන යි. වැරදි පූර්වාදර්ශ ඉදිරියට ගෙන යන්න සූදානම් නෑ.
යහපාලනය ඇති කළේ අධිකරණයේ ස්වාධීනත්වයක් ඇති කිරීම අරමුණු කරගෙනයි. අධිකාරණයේ සියලුම විනිසුරුතුමන්ලාට ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය ඇති කර තිබෙනවා. කිසිම බලපෑමක් කර නෑ. විශේෂ අධිකරණ පත් කිරීම අපේ යුතුකමක්. අපි වගකීමක් ඇතිව වැඩ කරනවා. කිසිකෙනෙකුගෙන් පලිගැනීමේ චේතනාවෙන් වැඩ කරන්නේ නෑ යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.

Read more

Local News