දිවයිනේ විදුලි සේවා සාමාන්‍ය තත්ත්වයෙන්

Share

මේ වනවිට දිවයිනේ විදුලි සේවා සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන බවත්, කිසිඳු කරුණක් මත විදුලි පාරිභෝගික ජනතාවට ගැටලු සහගත තත්ත්වයන් ඇතිවීමට ඉඩ නොතබන බවත්, විදුලිබල හා පුනර්ජනනය බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

මේ වනවිට ලංවිම සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී සිටියද නොරොච්චෝල කෙරවලපිටිය ඇතුළු විදුලිබලාගාර සියල්ල සාමාන්‍ය තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වන බව ද  අමාත්‍යාංශය පෙන්වා දෙයි.

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක සුළු වශයෙන් විදුලිය බිදවැටීම් වාර්තා වුවද එම තත්ත්වයන් යථා තත්ත්වයට පත්කිරීමට හැකි සෑම පියවරයක්ම ගන්නා බව පවසන විදුලිබල අමාත්‍යාංශය වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අවතීර්ණ වී සිටි යම් යම් සේවක පිරිස් මේ වනවිට නැවත සේවයට වාර්තා කරමින් සිටිනබව ද  වැඩිදුරටත් අවධාරණය කරයි.

Read more

Local News