අලුත උපන් බිළිඳිය වළදැමූ මව රක්ෂිත බන්ධනාගාරගත කරයි

Share

අලුත උපන් බිළිඳිය වළදැමූ බවට සැකපිට අත්අඩංගුවට ගත් දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ තිදරු මවක් දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කර අැත.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි තිදරු මවකි.

පසුගිය දිනෙක නිවසේදී දරුවකු ප්‍රසුත කර වළදමා ඇතැයි ලැබුණු ආරංචියකට අනුව ගිය පොලිස් නිලධාරීන්ට මේ මව අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

නිවස පිටුපස වළදමා තිබුණු බිළිදියගේ මළ සිරුර ගොඩ ගනු ලැබීය. අඩි දෙකක පමණ වළක් කපා රෙදි කැබැල්ලක ඔතා බිළිඳිය වලට දමා ඊට උඩින් ලෑලි කැබලි දමා පස් වලින් වසා තිබිනු බවයි සඳහන් වන්නේ.

Read more

Local News