පිළිකා රෝගයට ගොදුරු වීම පාලනයට රජය විසින් වැඩපිළිවෙලක් – අමාත්‍ය ගයන්ත කරුණාතිලක

Share

ශ්‍රී ලාංකිකයන් පිළිකා රෝගයට ගොදුරු වීම පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රමවත් හා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

පිළිකාවට වැඩිවශයෙන් ගොදුරුවීමක් දක්නට ලබෙන බව කී අමාත්‍යවරයා, පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා,තොල් සහ මුඛ පිළිකා ශ්‍රී ලංකාව තුළ වැඩිවශයෙන් දක්නට ලැබේ.

ඒ අනුව පිළිකා ප්‍රතිකාර දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කර තිබේ.පසුගිය වසර පහතුළ පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වැය කළ මුදල වාර්ෂිකව පිළිවෙළින් වසර 2012 දී මිලියන 1441ක්, 2013 දී මිලියන 1737ක් 2014 දී 1757ක් 2015 මිලියන 1626ක් සහ 2017 දී මිලියන 8528ක් වෙයි.

එසේම මේ වනවිට පිළිකා රෝගය පාලනය කිරීම සඳහා මත්පැන් බදු ඉහළ නැංවීම, දුම්බීම සඳහා අවවාදාත්මක පින්තූර යෙදීම, සපන දුම්කොළ අලෙවිය,ආනයනය, හා බෙදාහැරීම තහනම් කිරීම,සීනී පානයන් සඳහා වර්ණ සංඥා අඩංගු කිරීම, පිළිකා රෝග පිළිබඳව දැනුවත් කිරීමට ජංගම සායන පැවැත්වීම, පාසල් ළමුන් හා ගුරුවරු දැනුවත් කිරීම,පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට ගම්මට්ටමින් දැනුවත් කිරීම් ක්‍රියාත්මක බවද පිළිතුර ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News