විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද කතානායක ප්‍රධානත්වයෙන්

Share

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (22) දහවල් 12.00ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළීබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඊට අමතරව බැඳුම්කර සහ බරපතළ වංචා ජනාධිපති කොමිෂන් සභා වාර්තාවල විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් ද පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය.

Read more

Local News