ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා විශේෂ ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන්

Share

ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ළමා ආරක්ෂාව තහවුරු කිරිම සඳහා ප්‍රවෘත්ති වාර්තාකරණය කළ යුතු අන්දම පිළිබඳව විශේෂ ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් මේ වන විට සකසා ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ළමා අපයෝජන පිළිබඳ වාර්තාකරණයේදී ජනමාධ්‍යයේ භූමිකාව සුළුපටු නොවේ. ළමා අපයෝජන වළක්වා ගැනීම සඳහා ඔවුන්ට සුවිශේෂී කාර්ය භාරයක් සිදු කළ හැකිය.

ළමා අපයෝජන/ ළමා සැකකරුවන් පිළිබඳ වාර්තාකරණයේදී ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා ජනමාධ්‍යවේදීන් විසින් සැළකිලිමත්විය යුතු කරුණු පිළිබඳ මෙම ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය පියවර 10 ක ක්‍රියාවලියක් මඟින් විද්වත් කමිටුවක අනුමැතියෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සකසා ඇත.

මෙම මාර්ගෝපදේශ සංග්‍රහය සඳහා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ද නියමිතය.

ඒ අනුව එම මාර්ගෝපදේශ සංග්‍රහය ජනසන්නිවේදනය, ජනමාධ්‍ය යන විෂයන් උගන්වනු ලබන විශ්වවිද්‍යාල වෙත මේ වන විට යොමුකර ඇත. (කැළණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශවවිද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපය, රජරට විශ්වවිද්‍යාලය)

මෙම මාර්ගොපදේශ සංගහ්‍රය විෂය නිර්දේශයට ඇතුළත් කර මෙම මාර්ගෝපදේශ පිළිබඳව විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් දැනුවත් කිරීම මඟින් අනාගතයේ බිහිවන ජනමාධ්‍ය වෘත්තිකයින් ළමයා පිළිබඳ වාර්තාකරණයේදී ආචාරධර්මානුකූලව වාර්තාකරණය කරනු ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අපේක්ෂාව බව ද නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.

Read more

Local News