කොකේන් ග‍්‍රෑම් 22ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

Share

නෙදර්ලන්තයේ සිටි මෙරටට එවා තිබු කොකේන් ග‍්‍රෑම් 22 යි මිලි ග‍්‍රෑම් 170 ක පාර්සලයක් සමඟ දෙදෙනකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.

වත්තල ප‍්‍රදේශයේ පදිංචිකරුවකුගේ නමින් මෙම පාර්සල මෙරටට එවා ඇති අතර සැකකරු මෙතක් එය ලබා ගැනීමට ඉදිරිපත් නොවීම නිසා මෙය සැකකටයුතු පාර්සලයක් වශයෙන් රේගු බාරයට ගෙන තිබුණි.

මෙම සැකකරු එහි සේවයකුට අල්ලස් ලබා දී නීති විරෝධී ලෙස මෙම පාර්සල මුදා ගැනීමට පැමිණි අවස්ථාවේ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන අද (22) වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර දී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Read more

Local News