ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ විශේෂ වැඩසටහනක් 

Share

ළමා ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාවලියේදී විවිධ ආයතන, සංවිධාන මෙන්ම විවිධ වෘත්තිකයන්ගේ ද දායකත්වය ලැබෙන බැවින් ඔවුන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිදු කෙරේ.

ඒ අනුව, ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දෙන සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ විශේෂ වැඩසටහනක් මුල්ලේරියාව හෙඳ පුහුණු පාසලේදී පැවැත්විණි.

ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිකයන් තුළ පවත්නා දැනුම පුළුල් කිරීම හා දරුවන් සමග කටයුතු කරන ආකාරය පිළිබඳව සෞඛ්‍ය වෘත්තිකයන් දැනුවත් කිරීමේ අරමුණෙන් පැවති මෙම වැඩසටහනේදී, ළමා ආරක්ෂාව සම්බන්ධ මූලික කරුණු, ළමා අපචාර හා ළමා අපයෝජන, ළමා අපයෝජන වළක්වා ගැනීමේ වැදගත්කම, ළමා අපයෝජන වළක්වා ගන්නා ආකාරය, අපයෝජනයට පත් දරුවෙකු හඳුනා ගැනීම, පවුල තුළ යහපත් දෙමව්පිය දූ දරු සබඳතා ගොඩනගා ගැනීමේ වැදගත්කම, දරුවන්ගේ ගැටලුවලදී දරුවන් සමග කටයුතු කළයුතු ආකාරය, ළමා ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ භූමිකාව, ළමා ආරක්ෂාව සම්බන්ධ නීතිමය පසුබිම යන මාතෘකාවන් ඔස්සේ සෞඛ්‍ය වෘත්තිකයන් දැනුවත් කරන ලදි.

මෙම වසර තුළ ඉදිරියේදී, මුළු දිවයිනම ආවරණය වන පරිදි, සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ මෙවැනි වැඩසටහන් දීප ව්‍යාප්තව සිදු කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සැලසුම් කර තිබේ.

Read more

Local News