සිරිපා අඩවියෙන් නොදිරන කසළ – තවදුරටත් වන්දනාකරුවන් ප්ලාස්ටික් පොලිතින් රැගෙන යයි

Share

මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ, ශ‍්‍රී පාද මලුවේ සිට නල්ලතන්නිය දක්වා දින දෙකක් තුළ කළ ශ‍්‍රමදානයකදී නොදිරන කසළ පොලිසැක් මලු 110කට අධික ප‍්‍රමාණයක්, හිස් වතුර බෝතල් හා බීම බෝතල් 500 කට අධික ප‍්‍රමාණයක් එකතු කිරිමට හැකිවී අැති බවයි.

තවදුරටත් වන්දනාකරුවන් ප්ලාස්ටික් පොලිතින් රැගෙන සිරිපාදය කරුණා කිරිම සිදුකරන බව ඉන් පැහැදිලි වෙයි.

පරිසර අධිකාරිය සඳහන් කළේ, එකතු කරන ලද කසළ දළ වශයෙන් වෙන් කර ගත් විට සියයට 40ක පමණ ප‍්‍රමාණයක් ටොෆි කොළ අන්තර්ගතව තිබූ බවත් ඊට අමතරව බිස්කට් හා ක්ෂණික ආහාර අසුරණ ඉතා විශාල ප‍්‍රමාණයක් මෙම කසළ තුළ තිබු බවයි.

Read more

Local News