වාහන ලියාපදිංචිය ඉහළට – දෛනිකව නව වාහන 1926 ක් ලියාපදිංචි වේ

Share

පසුගිය වසර දෙකට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තුවේ වාහන ලියාපදිංචිය ඉහළ ගොස් ඇති බවත්, දෛනිකව නව වාහන 1926 ක් ලියාපදිංචි වන බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනූව වසරේ මේ දක්වා කාලය තුළ ලියාපදිංචි කර ඇති රථ වාහන ප්‍රමාණය 81,871 කි.

ඉන් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදි වන අතර එම සංඛ්‍යාව 59,464 කි. කුඩා මෝටර් රථ 11,728 ක් ද ඊට ඇතුළත් වේ.

පසුගිය වසරේ ලියාපදිංචිවී ඇති සමස්ත රථ වාහන ප්‍රමාණය 73,910 ක් වේ.

Read more

Local News