මේ වසරේ පෙබරවාරි මාසයේ උද්ධමනය පහළට

Share

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ, 2018 පෙබරවාරි මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 3.2%ක් දක්වා අඩු වූ බවයි.

පසුගිය ජනවාරි මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 5.4%ක් ලෙස වාර්තා වූ අතර, 2016 අප්‍රේල් මාසයෙන් පසුව වාර්තාවූ අවම උද්ධමන අගය ලෙසද 2018 පෙබරවාරි මාසයේ උද්ධමන අගය සැලකෙයි.

මෙම මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 1.6%ක හා ආහාර නොවන කාණ්ඩයේ 1.5%ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත.

Read more

Local News