කුළුබඩු අපනයනය කරන කර්මාන්ත ශාලාවක විස වායුවක් අඝ්‍රාණය වී දෙදෙනෙක් මරුට

14

දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේ පිහිටි විදේශීය රටවලට කුළුබඩු අපනයනය කරන කර්මාන්ත ශාලාවක විස වායුවක්  ආඝ්‍රාණය වීමෙන් එහි සේවය කළ සේවිකාවක හා සේවකයකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි.

කර්මාන්තශාලාවේ දේශීය කුළු බඩු ඇඹරුම් සකස් කර විදේශීය රටවලට ආපනය කිරීමේ ක්‍රියාවලිය සිදු කෙරෙන අතර දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද යන්ත්‍රානුසාරයෙන් කුළුබඩු ඇඹරුම් සිදු කර ඒවා ඇසුරුම් සිදුකිරීම සිදු වන බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ (22) රාත්‍රියේ 9.30 ට පමණ ආහාර රසකාරකයක් වන සේර නැමැති අල වර්ගයක් පිටි කරමින් සිටියදී එකවරම මෙම සේවිකාව සහ සේවකයා කලාන්තයේ වී ඇද වැටී ඇති අතර පසුව ඔවුන් රාත්‍රියේම දඹුල්ල රෝහලට ගෙනවිත් තිබේ. රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.