විදුලි කාර්මික ශිල්පීන්ට වෘත්තීය පිළිගැනීමක් ලබාදීම සඳහා යෝජිත නව බලපත්‍ර ක්‍රමයක්

Share

දිවයිනේ සියලුම විදුලි කාර්මික ශිල්පීන්ට වෘත්තීය පිළිගැනීමක් ලබාදීම සඳහා යෝජිත නව බලපත්‍ර ක්‍රමය පිළිබද මහජන උපදේශනය ඊයේ (22) කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විය.

විදුලි කාර්මික ශිල්පීන් සඳහා යෝජිත වෘත්තීය බලපත්‍ර ක්‍රමය පිළිබඳ විවිධ ආයතන හා ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතයින් 50 දෙනෙක් මෙහිදී වාචිකව අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ. මෙහිදී ඉදිරිපත් වු අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගෙන යෝජිත බලපත්‍ර ක්‍රමය වැඩිදියුණු කිරීමට නියමිතය. විදුලි කාර්මික ශිල්පී වෘත්තීය බලපත්‍ර ක්‍රමය ක්‍රියාවට නැගීම සඳහා අවසන් නිර්දේශ ලබන මැයි මාසයේදී රජයට ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා මෙහිදී අනාවරණ කළේය. රජයේ අනුමැති ය ලැබුණු පසුව මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට නව බලපත්‍ර ක්‍රමයට ක්‍රියාවට නැගීමට නියමිතය.‍

විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවත්වූ මෙම මහජන උපදේශනයට විදුලි කාර්මික ශිල්පීන්, වෘත්තීය පුහුණු ආයතන, අධ්‍යාපන ආයතන, විදුලිබල සේවා සැපයුම් ආයතන, විදුලිබල කර්මාන්තයේ විවිධ පාර්ශ්වකරුවන් ඇතුළු නියෝජිතයින් 600කට ආසන්න පිරිසක් සහභාගි වූහ.

 

Read more

Local News