ජල පෝෂක ප්‍රදේශ, තෙත් බිම් සියල්ල ආරාක්ෂා කරන්න වෙනම ආයතනයක්

Share

බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති ලෝක ජල දින සැමරුම් උළෙලේට එකවෙමින් නගර සැලසුම් හා ජල සම්පාදන ඇමති රවූෆ් හකීම් මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ ජල පෝෂක ප්‍රදේශ, ගංගා, ද්‍රෝණි හා වනය ආරාක්ෂාකර ගැනීමේ වැදගත්කම සලකා එම අංශ සියල්ල එක් ආයතනයක් යටතේ ක්‍රියාත්මක කළ යුතු බවයි.

”සොබා දහමේ පදනම ජලයයි” යන්න මෙවර ජල දින තේමාව අතර එම තේමාව මුල් කර ගනිමින් පානීය ජලය ආරක්ෂා කිරීමේ ඇති වැදගත්කම හා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසීය.

වර්ෂ 1991 සිට ලෝක ජල දිනය යම් තේමාවක් මත වසරින් වසර සැමරෙන අතර එම වර්ෂයට අදාළ තේමාව අනුව වාර්ෂිකව කළ යුතු කාර්යයන් පැවරී තිබුණා. එම කාර්යයන් මෙරට සංවර්ධනයට වැදගත් හෙයින් ඒ සම්බන්ධයෙන් අවංකව යොමු විය යුතුයි. මෙරට ජල දින තේමාව ”සොබා දහමේ පදනම ජලයයි” යන්නයි. එය ජලය සොබා දහමේ උරුමය සමඟ එක්වන විෂයක්.

ගංගා, ද්‍රෝණි, ජල පෝෂක ප්‍රදේශ, තෙත් බිම් සියල්ල ආරාක්ෂා කරන්න වෙනම ආයතනයක් පිහිටුවීම වැදගත්. ඒ සම්බන්ධයෙන් ඇමති මණ්ඩලය දැනුවත් කිරීමේ සන්දේශයක් යොමු කළත් ඊට අදාළව ඇති කොටස් වෙනම ආයතනයකට යොමු කිරීමට ඇමතිවරුන්ගේ අකමැත්තක් තිබෙනවා. නමුත් ජල සම්පත ආරාක්ෂා කර ගැනීමට නම් එවැනි ආයතනයක් අවශ්‍ය බව මා අවධාරණය කරනවා. ජල සම්පාදන, ජල පවාහන, වන ජීවී ආදී දෙපාර්තමේන්තුව, පරිසර අධිකාරිය වැනි ආයතන රාශියක් එම විෂයට ඇතුළ් වෙනවා.

2020න් පසු කොළඹ නගරයේ ජලය හිඟයක ඇතිවීමේ අවධානමක් තිබෙනවා. එයට මුහුණ දීමට අප දැන්ම සිට සූදානම් විය යුතුය. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා විෂයට සම්බන්ධ ඇමතිවරු කිහිප දෙනෙක් සමග සාකාච්ඡාවක් පැවැත්වූවා. මෙවැනි අභියෝගයක් යටතේ ජලා පවාහන මණ්ඩලය ඒකාධිකාරියක් ලෙස කටයුතු කරන බවක් දැකිය හැකිය. එම තත්වය සුදුසු නැති බවයි මගේ හැගීම. අනෙකුත් ආයතන සමඟ සැසඳීමේදී ,මෙම ආයතනයේ සේවය සේවාදායකයන් වෙත ලබා දීමේ දී කාර්යක්ෂම ඉතාමත් උසස් මට්ට්මේ විය යුතුයි. ඒ සඳහා විශාල වගකීමකින් ක්‍රියාත්මක විය යුතුයි.

මේ ක්ෂේත්‍රය සඳහා 2017 දි බිලියන 225ක් ආයෝජනය කර තිබෙනවා. මෙම වසර සඳහා බිලියන 300ක් ආයෝජනය කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා. එම මුදල් ආපසු ගෙවිය යුතු ණය, ඒවා නැවත ගෙවිය යුතුය යන වගකීම මතකයේ තබා ගෙන අප ක්‍රියාකළ යුතුයි.

මේ වන විට නල ජලය ලබා දීම 47%ක් පමණ වන අතර වර්ෂ 2020 වන විට එය 60% දක්වා වැඩි කිරීමේ ඉලක්කය ජය ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙහිදී වකුගඩු රෝගය තිබෙන ප්‍රදේශවලට වැඩි අවධානයක් මෙහිදී යොමු කෙරෙනවා. මෙහිදී ජලා පවාහන අධිකාරියෙන් සේවාදායකයන් වෙත ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු කර එහි පරිවර්තනය ඇති කිරීමට කැපවිය යුතුයි. නාගරික මළ පවාහන පද්ධතිය සම්බන්ධයෙන් ද ගැටලු මතුව තිබෙන අතර එය ආදායම් ලබන කාර්යයක් නොවන නිසා ඒ සම්බන්ධයෙන් යොමු වීම අවමව තිබෙනවා.

මෙහිදී ලෝක ජල දින සමරු කලාපය අමාත්‍ය රවූෆ් හකීම් මහතා වෙත ජල සම්පාදන මණ්ඩලයේ සභාපති කේ .ඒ. අන්සාර් මහතා පිළිගන්වන ලදී. ඉන් අනතුරුව පාසල් මට්ට්මින් පවත්වන ලද ලෝක දැන්වීම් තරඟයෙන් ජය ගත් සිසු දරුවන්වෙත ඇමතිවරයා සහතික ප්‍රදානය සිදු කෙළේය.

Read more

Local News