පවත්නා වියළි කාලගුණ තත්වයේ වෙනසක් හෙට සිට

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පවත්නා වියළි කාලගුණ තත්වයේ වෙනසක් හෙට (25) සිට විශේෂයෙන් දිවයිනේ නැගෙනහිර කොටසේ බලාපොරොත්තු විය හැකි බවයි.

අද (24) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

Read more

Local News