මුහුදු ප්‍රදේශවල තද වැසි – ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනට නැගෙනහිර හා ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බවත් සුළං වේගය ක්ෂණිකව (පැයට කිලෝමීටර් 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති බවයි.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම අනතුරු ඇඟවීම මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය සඳහායි.

Read more

Local News