රුසියාවේ කෙමෙරොවො නගරයේ සාප්පු සංකීර්ණයක ගින්නක් – 37දෙනෙකු ජීවිතක්ෂයට

Share

රුසියාවේ කෙමෙරොවො නගරයේ සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 37දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මෙහිදී පුද්ගලයින් 64දෙනෙකු අතුරුදන්ව ඇති බවට විශ්වාස කෙරෙන බවත් ඒ අතරින් කුඩා දරුවන් 41දෙනෙකු සිටින බවත් සදහන් ය.

වින්ටර් චෙරි සාප්පු සංකීර්ණයේ ඉහළ මාලයේ ගින්න හටගෙන තිබෙන අතර ගින්නට හසුවූ බොහෝදෙනෙකු එහි පිහිටි සිනමා ශාලාවක සිටි අය බව වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් විමර්ශන ආරම්භකර තිබේ.

Read more

Local News