ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා ආයෝජනයට නවසීලන්ත සහාය

Share

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් Joanna Kempker මහත්මිය අතර සාකච්ඡාවක් පසුගියදා අමාත්‍ය නිල නිවසේදී පැවැත්විය.
එහිදී මහකොමසාරිස්වරිය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට නවසීලන්තයේ ආයෝජකයින් උනන්දු කරවීමට තමන් කටයුතු කරන බවයි.
මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව හා නවසීලන්තයට අදාල වන ද්විපාර්ශ්වික කාරණා රැසක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
ලෝකයේ මුහුදු ධීවර කර්මාන්තයේදී එහි තිරසාර සංවර්ධනය උදෙසා කළමණාකරණ පද්ධතියක් ඇති කිරීමට නවසීලන්තය පුරෝගාමි විය. එහි අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබා දීමට ද පියවර ගන්නා බව මහකොමසාරිස්වරිය මෙහිදී ප්‍රතිඥා දුන්නාය.
ඒ අනුව ධීවර කළමණාකරණ කටයුතු පිළිබඳ පුහුණුවක් මෙරට ධීවර නිලධාරින්ට හා පාර්ශ්වකරුවන්ට ලබා දීමට පියවර ගැනේ.

Read more

Local News