කැණීම් නීති කඩ කළොත් බලපත්‍ර හිමිකම සදාකාලිකවම අවලංගුයි – භූ විද්‍යා කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවල මහතා

Share

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවල මහතා භූ විද්‍යා කාර්යාංශයේ 25 වන සංවත්සරය මූලික කරගනිමින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ,

ගල්, වැලි හෝ පස් කැණීමේදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ලබාදෙන බලපත්‍රවලට අදාළ නීති උල්ලංඝනය කරන බලපත්‍රලාභීන්ගේ බලපත්‍ර සදාකාලිකවම අවලංගු කිරීමට කටයුතු කරන බවයි.

භූ විද්‍යා කාර්යාංශයේ අභිනව සභාපති ධූරය භාරගෙන සති දෙකක් ගත වන්නටත් පෙර ප්‍රදේශ කිහිපයක සිදුවන මහා පරිමාණ අනවසර කැණීම් සම්බන්ධ සිද්ධීන් කිහිපයකම තොරතුරු තමන් වෙත වාර්තා වූ බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද උපදෙස් අනුව එම ස්ථානවලට වහාම ගොස් අධික්ෂණය කර ඒ සඳහා අදාල පියවර ගත් බව  ඉද්දවල මහතා පැවසීය.

ඒ මහතා ප්‍රකාශ කළේ, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ඛණිජ සම්පත් කැණීම සඳහා ව්‍යාපාරික ප්‍රජාවට බලපත්‍ර ලබාදෙන ආයතනයක් පමණක් නොවන බවයි.

මෙසේ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් අවිධිමත්ව කැණීම් සිදු කරන්නන් හට දැඩි සේ නීතිය ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා සහාය දෙන යම් නිලධාරීන් වෙ‍ෙතාත් ඔවුන් පිළිබඳව ද අදාළ විනය නීති ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය තවත් කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමට නව තාක්ෂණය යොදා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ඔහු පැවසීය.

Read more

Local News