පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක සහ උප නායක ඉවතට

Share

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග කේප්ටවුන් නුවර පැවත්වෙන තුන්වැනි ටෙස්ට් තරඟයේ තුන්වැනි දිනය අතරතුර පන්දුව පළුදු කිරීමේ චෝදනාවට හසුවූ ඔස්ට්‍රේලියානු පිලේ නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් එහි වගකීම බාරගනිමින් සිය තනතුරුවලින් ඉවත්වූහ.

තුන්වැනි දිනයේ දකුණු අප්‍රිකා පිල පන්දුවට පහරදෙමින් සිටින අතරතුර ඔස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරු කැමරොන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කරන අයුරු රූපවාහිනි කැමරාවලින් පැහැදිලිව දක්නට ලැබුණු අතර තරඟයෙන් පසුව ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරිණි.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ දැනුම්දීම මත නායකත්වයෙන් ඉවත්වීමට ඔහුටත්, උපනායකත්වයෙන් ඉවත්වීමට වෝනර්ටත් සිදුවිය.

Read more

Local News