වෙන්නප්පුව ඇළ මාර්ගයකින් රයිෆල් වර්ගයේ ගිනි අවියක් හමුවෙයි

Share

වෙන්නප්පුව, සිරිගම්පල ප්‍රදේශයේ දී ඇළ මාර්ගයක් පිරිසිදු කරමින් සිටි ගම්වාසීන් පිරිසකට මෙරට නිෂ්පාදිත වායු රයිෆල් වර්ගයේ ගිනි අවියක් හමු වි අැත. එය පොලිස් බාරයට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි .

සිරිගම්පල තිල්ලවල ප්‍රදේශයේ වි වගාව සඳහා අවශ්‍ය ජලය ලබා ගැනිමට අවහිර වි තිබු ඇළ මාර්ගයක් පිරිසිදු කරමින් සිටි ගම්වාසීන් හා ප්‍රාදේශිය සභා සේවකයන් පිරිසකට මඩේ තිබු ගිනි අවියක් හමු වි අැත.

එය ග්‍රාම නිළධාරි මාර්ගයෙන් වෙන්නප්පුව පොලිසියට කළ දැනුම් දීමක් අනුව පොලිස් නිළධාරින් එම ගිනි අවිය පොලිස් බාරයට ගෙන තිබේ.

මෙම ගිනි අවිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන බවත් පොලිසිය සඳහන් කළේය.

Read more

Local News