උතුරු කොරියානු නායක කිම් ජොන්ග් – උන්ගේ ප්‍රථම විදෙස් සංචාරය

Share

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් – උන් සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස චීනයේ බිජිං නුවර වෙත ළඟා වී ඇති බවට ජපාන සහ දකුණු කොරියානු මාධ්‍ය අනාවරණය කර තිබේ.

කෙසේ වෙතත්, චීනය වෙත උතුරු කොරියානු රාජතාන්ත්‍රික දුම්රියකින් ළඟාවී ඇති මෙම ප්‍රමුඛ රාජතාන්ත්‍රිකයා බොහෝ දුරට කිම් ජොන්ග් – උන් විය හැකි බව විශ්වාස කිරීමට ඔහු සඳහා චීනයේදී ලබා දී ඇති දැඩි ආරක්ෂාවද හේතු වී තිබේ.

මේ අතර, දකුණු කොරියාව පවසා සිටියේ ඔවුන් මෙම රාජතාන්ත්‍රිකයාගේ අනන්‍යතාව තවමත් හෙළි කරගෙන නොමැති නමුදු, මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසිලිමත්භාවයකින් බලා සිටින බවයි.

Read more

Local News