අදත් පළාත් කිහිපයකට සවස 2.00 න් පසු වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

Read more

Local News