ගාල්ල දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට අදාළ ව්‍යාපෘති 29ක්

Share

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට අදාළ ව්‍යාපෘති 29ක් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසර සඳහා රු මිලියන 2.3 ක මුල්‍ය ප්‍ර‍තිපාදන වැය කිරීමට අපේක්ෂිතව අැත.

අතිගරු ජනාධිපතිතුමන්ගේ මතින් නිදහස් රටක් යන තේමාව පෙරදැරි කරගෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ ප්‍රගමනය උදෙසා ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටි කොඩිකාර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම සහිත සම්පත්දායක සංචිතයක් ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් නිර්මාණය කිරීම සඳහා මේ යටතේ රු 21,96,000ක මුදලක් වෙන්කර තිබේ.

Read more

Local News