ෆේස්බුක් ගිණුම් 529ක් භාවිතයෙන් ඉවතට – ෆේස්බුක් ආයතනය

Share

වසරේ මුල් මාස දෙක තුළ මෙරට ෆේස්බුක් ගිණුම් 529ක් භාවිතයෙන් ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය පියවර ගෙන තිබේ.

ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, ෆේස්බුක් ගිණුම් යොදා ගනිමින් මුදල් වංචා කිරීම ඇතුළු සිද්ධින් මුල් කරගෙන මෙම ගිණුම් අත්හිටුවීමට ෆේස්බුක් ආයතනය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගිය වසරේදී ෆේස්බුක් සම්බන්ධ පැමිණිලි සැලකිල්ලට ගනිමින් ගිණුම් 3600ක් අත්හිටුවීමට ෆේස්බුක් ආයතනය පියවර ගෙන ඇත.

Read more

Local News