ජැකලින්ට අනතුරක් නැහැ

Share

මේ දිනවල අබුඩාබියේ ‘රේස්’ තුන්වැනි චිත්‍රපටයේ අවසන් රූගත කිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී. මෙහි එක් සටන් ජවනිකාවක් රූගත කෙරෙන අතුරතුරදී එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ජැකලින් ෆර්නැන්ඩෙස් අනතුරකට ලක්ව තිබෙන බව සඳහන් වෙයි.

වෙඩ් තබා ගන්නා දර්ශනයක් අතරතුරදී ඉන් නිකුත් වූ දුමක් නිසා ජැකලින්ගේ ඇස්වලට යම් අපහසුතාවක් ඇතිව තිබේ. මේ හේතුවෙන් එම අවස්ථාවේදීම ඇයව අබුඩාබි නගරයේ ඇති පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර, පැය කිහිපයකට පසුව ඇය රෝහලෙන් ප්‍රතිකාර ලබාදී පිටත් කර තිබේ. ‘රේස්’ තුන්වැනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන රේමෝ ඩී සූසා මාධ්‍යයට පවසා ඇත්තේ එය අනතුරක් නොවන බවය. එමෙන්ම ජැලින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව නැවතත් එම මොහොතේදීම රූපගත කිරීම් කටයුතු සඳහා එක් වූ බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

source: saaravita.lk

 

Read more

Local News