උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ප්‍රතිශතය ඉහළට

Share

2017 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ප්‍රතිශතයේ ඉහළ යෑමක් සිදුව තිබේ.

2016 වසරේදී 69.94%ක ප්‍රමාණයක් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබාගත් අතර, 2017 වසරේදී එම ප්‍රතිශතය 73.05%ක් දක්වා 3.11 %කින් ඉහළ ගොස් ඇත.

2016 වසරේදී ගණිතය විෂයය සමත් ශිෂ්‍ය ප්‍රතිශතය 62.81%ක් ලෙස දැක්වුණු අතර, 2017 වසරේදී එය 67.24%ක් දක්වා ඉහළ ගොස් ඇත.

මීට අමතරව සියලු විෂයයන් සඳහා A (A-9) සාමර්ථ ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාවෙහිද ඉහළ යෑමක් සිදුව ඇති අතර, පසුගිය වසරේ (2016) සියලුම විෂයයන් සඳහා A සාමර්ථ ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 8224ක් ලෙස දැක්විණි.

2017 වසරේදී එම සංඛ්‍යාව 9960 දක්වා ඉහළ ගොස් ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පෙන්වා දෙයි.

Read more

Local News