ඇතැම් සෙල්ලම් භාණ්ඩ ක්‍රියාත්මක කිරීමේදී විදුලිය නිෂ්පාදනය වන බවට වාර්තා වෙයි

Share

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, ඇතැම් සෙල්ලම් භාණ්ඩ ක්‍රියාත්මක කිරීමේදී විදුලිය නිෂ්පාදනය වන බවට වාර්තා වී ඇති බවයි.

පාරිභෝගික කටයුතු අධිකාරිය සිදුකළ සොයා බැලීම්වලදී මේ වනවිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර අැත.

ඔහු අලෙවි කළ සමහර සෙල්ලම් භාණ්ඩ තුළින් වොට් 12ක විදුලියක් නිකුත් වී තිබෙන බවට පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට රුපියල් දසදහසක දඩයක් හා තොග අලෙවිකරුට රුපියල් තිස්දහසක දඩයක් පනවා ඇත.

මේ පිළිබඳ සොයා බැලීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් දියත් කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

Read more

Local News