යුදහමුදාපති සහ උතුරු මහ ඇමති අතර හමුවක්

Share

පුනරුත්ථාපනය වී නැවත නිවාස වෙතට ගොස් ඇති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් යුදහමුදාවට සහාය ලබාදීමට හැකි බවට යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට පවසා සිටියේය.

යුදහමුදාපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (29දා) සිය යාපනය දිස්ත්‍රික්කයේ සංචාරය අතරතුර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා හමු වූ අවස්ථාවේදීය.

එම හමුවෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා,

“අද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යතුමා සමග යාපනයේ වගේම උතුරේ පවතින ආරක්ෂක තත්ත්වය හා යුද හමුදාවේ දායකත්වය ගැන සාකච්ඡා කළා. විශේෂයෙන්ම යාපනයේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම ගැනත් අපි සාකච්ඡා කළා. ඉදිරියේදී ඉතා ඉක්මනින් අපි සාමාන්‍ය වැසියන්ගේ පෞද්ගලික ඉඩම් කිහිපයක් නිදහස් කිරීමට පියවර අරන් තියෙනවා. ඊට අමතරව යුද්ධෙන් පසු යුදහමුදාව හමුවේ වසර කිහිපයක් පුනරුත්ථාපනය වී නැවත නිවාස වෙතට ගොස් සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ අනාගතය වෙනුවෙන් යුදහමුදාවේ මැදිහත් වීම හා ඔවුන්ට පිහිට වීම ගැන අපි සාකච්ඡා කළා.”

ඊට අමතරව උතුරේ ධීවරයින්ගේ ගැටලු ගැනත් එහිදී ඉන්දීය ධීවර බලපෑම ගැන සාකච්ඡා කළා. වාසනාවකට වගේ මේ වන විට උතුරේ ධීවරයින්ගේ ආරක්ෂාව සඳහා නාවික හමුදාව වගේම වෙරලාරක්ෂක බලෑණියක් සිටින නිසා ඉන්දීය ධීවරයින්ගේ පහරදීම් වැනි බාධා කිරීම් සැලකිය යුතු වශයෙන් අඩුවී තිබෙනවා. මේ නිසා ඉදිරියේදී එලැඹෙන අවුරුදු සමය හේතුවෙන් උතුරේ සාමාන්‍ය වැසියන්ට යුද හමුදාවගේ පැත්තෙන් ලැබිය යුතු දෑ කුමක්ද යන්න පිළිබඳවත් අපි සාකච්ඡා කළා.‘ යනුවෙන් පැවසීය.

Read more

Local News