පාකිස්තානය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 7ක ජයක් හිමිකර ගනීයි

Share

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 කාන්තා ක්‍රිකට් තරඟයෙන් කඩුලු 7 ජයක් අත්කර ගැනිමට ශ්‍රී ලංකාව සමත් විය.

එම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරඟ 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමටද ශ්‍රී ලංකාවට හැකිවිය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 72 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ ශෂිකලා සිරිවර්ධන ඕවර 3.4 ක් යවා ලකුණු 9 කට කඩුලු 4 ක් බිඳහෙළීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 73 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 14.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 29 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 19 ක් රැස්කළ රෙබේකා වැන්ඩොට් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය.

 

Read more

Local News