මෙරට නිෂ්පාදිත ගිනි අවි 4 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

Share

මොනරාගල ප්‍රදේශ කිහිපයක සිදුකළ මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 4 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ බුත්තල, මැදගම සහ සියඹලාන්ඩුව යන ප්‍රදේශවල ඊයේ (29) මෙම මෙහෙයුම සිදුකළ බවයි.

මෙම සැකකරුවන් මැදගම, කටුගහගල්ල සහ බුත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

Read more

Local News