රුසියාවේ සිටි ඇමෙරිකානු තානාපති නිලධාරීන් හැටක් පිටුවහල් කරයි

Share

ඇමෙරිකානු තානාපති නිලධාරීන් හැටක් (60) රටින් නෙරපා හැරීමට පියවර ගත් රුසියාව ‘පීටර්ස්බර්ග්’ නගරයේ පිහිටි එක්සත් ජනපද ‘කොන්සල්’ කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇත.

එම පියවර ගනු ලැබ තිබෙන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් රුසියාවේ තානාපති නිලධාරීන් කණ්ඩායමක් එරටින් නෙරපා හරිනු ලැබීම සම්බන්ධයෙන් එකට එක කිරීමක් වශයෙනි.

රුසියාවේ කේජීබී රහස් ඔත්තු අංශයේ හිටපු නිලධාරියකු වූ සෙර්ගේයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය ‘යූල්යා’ එක්සත් රාජධානියේ ‘සැලිස්බරි නගරයේ දී ගොදුරු වූ විස රසායන ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවට ඇඟිල්ල දිගු වූ අතර එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා හවුලට අයත් රටවල් රැසක් මෙන්ම ඔස්ට්‍රේලියාව වැනි රටවල් විසින් ද රුසියාවේ තානාපති නිලධාරීන් විවිධ සංඛ්‍යා මට්ටමින් එම රටවලින් නෙරපා හැරීමට තීන්දු කරනු ලැබුණි.

ඊට ප්‍රතිචාරය දක්වන රුසියාවත් ඒ රටවල තානාපති නිලධාරීන් පිටමං කරමින් ඇති බව වාර්තා වෙයි.

Read more

Local News