යාපනයේ කාරෙයිනගර් කැෂුරිනා වෙරළ තීරයට ආරක්ෂිත කැමරා

Share

යාපනයේ කාරෙයිනගර් කැෂුරිනා වෙරළ තීරයට ආරක්ෂිත කැමරා සවිකිරීමට කාරෙයිනගර් ප්‍රාදේශීය සභාව තීරණය කර තිබේ.

ඒ එම මුහුදු තීරයේ සිදුවන සමාජ විරෝධී ක්‍රියා අවම කරගැනීමේ අරමුණින්.

දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් මෙම මුහුදු තීරය නැරඹීමට පැමිණෙන අතර ඔවුන් විසින් පසුගිය දිනවල ප්‍රාදේශීය සභාව මගින් ඉදිකොට තිබූ වැසිකිළි පද්ධතියක් හා නානකාමර පෙළක්ද කඩා බිද දමා තිබේ.

මත්පැන් පානය කිරීම, මත්ද්‍රව්‍ය භාවිතය හා වෙනත් සමාජ විෂම ක්‍රියා මෙම මුහුදු වෙරළ තීරයේ සිදුවන නිසා ඒවා අවම කරගැනීමේ අරමුණින් ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කරන බව කාරෙයිනගර් ප්‍රාදේශීය සභා නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News