මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කැනර් යන්ත්‍රය ජනතා අයිතියට සෞඛ්‍ය ඇමති ප්‍රධානත්වයෙන්

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසුවේ පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත ලබාගත් පෙට් ස්කැනර් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කර අප්‍රේල් (01) අද සිට සේවා කටයුතු ආරම්භ කරන බවයි. 

මෙම පෙට් ස්කැනර් යන්ත්‍රය පසුගිය වසරේ දෙසැම්බර් මස 24 දින ගුවන් මගින් ශ්‍රි ලංකාවට ගෙන් වූ අතර එය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

කදීජා පදනමේ සභාපති එම්.එස්.එච් මොහොමඩ් මහතාගේ සහ සියලු මාධ්‍ය ආයතනවල මැදිහත්වීම මත මෙම මුදල මහජන ආධාර වශයෙන් එකතු කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලදි. ඉන් පසු ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන්වීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ජර්මනියේ සීමන්ස් ආයතනයෙන් යන්ත්‍රය ගෙන්වීමට පියවර ගන්නා ලදි.
රුපියල් මිලියන 202 ක් වැය කරමින් මෙම යන්ත්‍රය මිල දී ගෙන ඇත. මෙම යන්ත්‍රයෙන් පිළිකා රෝගය සියුම්ව හදුනා ගත හැකි අතර, මසකට ස්කෑන් 100 කට වැඩි සංඛ්‍යාවක් සිදු කළ හැකිය. අප්‍රේල් මස 01 දායින් පසු සේවා කටයුතු ආරම්භ කිරීමත් සමග පිළිකා රෝගීන්ගේ සත්කාරක සේවා තවත් වැඩි කළ හැකි බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විල්ප්‍රඩ් කුමාරසිරි මහතා ප්‍රකාශ කරයි.
මේ දිනවල ජර්මනියේ සීමන්ස් ආයතනයේ ඉංජිනේරුවන් පැමිණ යන්ත්‍රය සවිකර ඇති අතර, එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කරමින් සිටිති.

Read more

Local News